උසස් පෙළ උපකාරක පන්ති නොවැ. 04වැනිදා මධ්‍යම රැයෙන් පසු තහනම්
උසස් පෙළ කල් දමන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 04 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක බවය.
නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.




