බැඳුම්කර වංචාවේ ලබා නොදුන් ගිණුම් වාර්තා CIDයට ලබා දිමට නියෝග

0
බැඳුම්කර වංචාවේ ලබා නොදුන් ගිණුම් වාර්තා CIDයට ලබා දෙන්න නියෝග

බැඳුම්කර වංචාවේ ලබා නොදුන් ගිණුම් වාර්තා CIDයට ලබා දෙන්න නියෝග

මුදල් විශුද්ධිකරණ පනත යටතේ 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් ලබා නොදී තිබෙන ගිණුම් වාර්තා එම දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (30) ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට නියෝග කර තිබේ.

සිද්ධියට අදාළ ගිණුම් වාර්තා කීපයක් තම දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට අධිකරණය මගින් මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කර තිබූ බවද විමර්ශන නිලධාරියා අධිකරණයට දන්වා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තම දෙපාර්තමේන්තුව වෙත ඇතැම් ගිණුම් වාර්තා ලබාදී ඇති නමුත් පර්පචුවල් ටෙෂරීස් සමාගමට අයත් හා ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් තවත් ගිණුම් වාර්තා කිහිපයක් විමර්ශන කටයුතු සඳහා ලබාගත යුතුව ඇති බව, විමර්ශන නිලධාරීයා අධිකරණයට දන්වා සිටියා.

එම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දිම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මෝසමක් ගොනු කරමින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියෝග කෙරුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය ඉල්ලා සිටින ගිණුම් වාර්තා එම දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් ලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු නම් කර ඇති බවත් මෙම අපරාධය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙන බවද අධිකරණයෙන් අනාවරණය කෙරුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com