කෝටි 18කට අධික හෂීෂ් සමග කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට
කෝටි 18කට අධික හෂීෂ් සමග කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට
රුපියල් දහඅට කෝටි විසිපන් ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපළේ හරිත මාවත ඔස්සේ පිටව යාමට උත්සාහ කළ 21 හැවිරිදි කැනඩා ජාතිකයා අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට හැකිවුණි.
ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත.
ඇසුරුම් 72ක් ලෙස සකස් කළ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 18 ග්‍රෑම් 253ක ප්‍රමාණයක් රැගෙනවිත් ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් කැනඩා ජාතිකයා හා මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමට පියවර ගෙන තිබේ.




