“ඊඩ්ල්වයිස්” ගුවන් සේවයේ ප්‍රථම ගුවන් යානය කටුනායකට

0
“ඊඩ්ල්වයිස්” ගුවන් සේවයේ ප්‍රථම ගුවන් යානය කටුනායකට

“ඊඩ්ල්වයිස්” ගුවන් සේවයේ ප්‍රථම ගුවන් යානය කටුනායකට

එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමග ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාළසටහනකට අනුව ධාවනය වන (Seasonal Schedule Flight) ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ (Edelweiss) ප්‍රථම මංගල ගුවන් යානය (Inogaral Flight) ඊයේ (28) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ලුෆ්තන්සා ගුවන් සේවා සමූහයට අයත් මෙම ඊඩල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 064 දරන මෙම ගුවන් යානය ඊයේ දින (28) උදෑසන 10.03ට ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා විය.

මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා ඒ.– 340 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එම ගුවන් යානය ජල ආචාර (Water Salute) පවත්වා උසස් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගැනීමට කටයුතු යොදා තිබුණි.

මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ගුවන් මගීන් 27 දෙනෙකුද පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 230 දෙනෙකුද වශයෙන් ගුවන් මගීන් 257 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 12 දෙනෙකුද පැමිණ සිටියහ.

මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම දින දෙකක්, එනම් අගහරුවාදා සහ සෙනසුරාදා දින වල කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

මෙම ගුවන් යානය ඊයේ (28) පෙරවරු 11.45ට කටුනායක ගුවන් තොටුපොළෙන් ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර බලා පිටත්ව ගියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com