ඉන්දියානු ව්‍යාපෘති 33ට අදාළ වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අනුමැතිය

0
ඉන්දියානු ව්‍යාපෘති 33ට අදාළ වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අනුමැතිය

ඉන්දියානු ව්‍යාපෘති 33ට අදාළ වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අනුමැතිය

ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති 33ට අදාළ වන අවබෝධතා ගිවිසුම් 33, ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමඟ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැති හිමිව තිබේ.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් 2025‑04‑05 දින අත්සන් කරනු ලැබ ඇත.

ඒ යටතේ නැගෙනහිර පළාතේ සංවර්ධන අවශ්‍යතා සපුරාලන ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත. එකී අවබෝධතා ගිවිසුමට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත එක් එක් ව්‍යාපෘතියට අදාළව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අතර වෙන් වෙන් වශයෙන් මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කළ යුතුව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com