දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය: ලංකාවට රන් 04ක් රිදී 03ක් හා ලෝකඩ 03ක්

0
දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : ලංකාවට රන් 04ක් රිදී 03ක් ලෝකඩ 03ක්

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : ලංකාවට රන් 04ක් රිදී 03ක් ලෝකඩ 03ක්

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනය වූ සිකුරාදා දිනයේ (24) රන් පදක්කම් 4ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගාවලිය පැවැත්වෙනනේ, ඉන්දියාවේ රාංචිහි දීය.

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මෙවර පැවැත්වෙන සිව් වැනි අවස්ථාව මෙයයි. මීට දකුණු ආසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටි. ඊයේ පැවති සමාරම්භ උත්සවයෙන් අනුතුරුව තරග ඉසව් ආරම්භ කෙරුණි.

මීටර 100 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගත්තේ, කෙටි දුර ධාවන ශූර චමෝද් යෝධසිංහ විසිනි. ඔහු තත්පර 10 දශම 30ක කාලයකින් තරගය අවසන් කළේය. මීටර 100 කාන්තා ධාවනය ඉසව්වේ රන් සහ රිදි පදක්කම් ද්විත්වයම ශ්‍රී ලංකාව සතු වුණි.

රන් පදක්කම හිමිකර ගත්තේ, තත්පර 11 දශම 53ක කාලයකින් තරගය අවසන් කළ සෆියා යමික්. රිදී පදක්කම අමාශා ද සිල්වාට හිමි විය.

තුන් පිම්ම පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තේ පසිඳු මල්ෂාන් විසින්. ඔහු මීටර 16 දශම 19ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේය. එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම මධුෂානි හේරත් සතු විය. ඒ, මීටර 13 දශම 26ක දක්ෂතාවක් දක්වමින්ය.

සෂිනි උපේක්ෂා තුන් පිම්ම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. මීටර 5000 පිරිමි ධාවන ඉසව්වේ රිදි පදක්කම හිමි වුණේ, වික්නරාජ් වෝක්ෂටය.

ඔහු මිනිත්තු 14යි තත්පර 23.21 කින් තරගය අවසන් කළේය. යග්ගුලිය විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම මිතුන් රාජ්ට හිමි වුණි.

යග්ගුලිය විසි කිරීම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්ම හිමිකර ගත්තේ, ඔවිනි චන්ද්‍රසේකර විසිනි. මීටර 400 හතර මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදි පදක්කම ශ්‍රී ලංකාව හිමි කර ගත්තේය.

එහිදී කාලිංග කුමාරගේ, නදීශා රාමනායක, කල්හාර ඉන්දූප සහ සයුරි මෙන්ඩිස් ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඔවුන් තරගය නිම කළේ මිනිත්තු 3යි තත්පර 20යි දශම 85ක කාලයක් වාර්තා කරමින්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com