ගාසා තීරයේ කුසගිනි අර්බුදය ව්‍යසනකාරී තත්ත්වයකට

0
ගාසා තීරයේ කුසගිනි අර්බුදය ව්‍යසනකාරී තත්ත්වයකට

ගාසා තීරයේ කුසගිනි අර්බුදය ව්‍යසනකාරී තත්ත්වයකට

සටන් විරාමයක් පැවතියද ගාසා තීරයේ කුසගිනි අර්බුදය ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සාගතයෙන් පීඩා විදින ගාසා වැසියන්ට ආධාර ලබා දීමට ගන්නා උත්සාහයන් අත්තනෝමතික ලෙස ප්‍රතික්ෂේප කරන බවට ආධාර සංවිධාන 41ක් ඊශ්‍රායලයට චෝදනා එල්ල වේ.

සටන් විරාමය ක්‍රියාත්මක වී සති දෙකකට පසුවත් ගාසා තීරයේ කුසගිනි අර්බුදය ව්‍යසනකාරීව පැවතීම කණගාටුදායක තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසන්නේ ගාසා තීරයට සැපයුම් ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන් බවයි.

ගාසා තීරයේ ජනගහනයෙන් හතරෙන් එකක්වත් ගර්භනී මාතාවන් 11500ක්ද ඇතුළුව කුසගින්නේ සිටින බව ජගත් සංවිධානය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com