රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නවීන යන්ත්‍ර

0
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නවීන යන්ත්‍ර

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නවීන යන්ත්‍ර

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ සපයා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා රජයේ සියලුම රහස්‍ය හා අනෙකුත් සියලුම මුද්‍රණ අවශ්‍යතා නියමිත ගුණාත්මක තත්ත්වයෙන්, විවෘත වෙළෙඳ පොළ තරගකාරීත්වයට මුහුණ දෙමින් පූර්ණ රහස්‍ය භාවයෙන් හා වගකීමෙන් යුතුව සපුරාලීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

එහෙත්, නවීන තාක්ෂණයෙන් යුතු මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ ප්‍රමාණවත් පරිදි නොමැති වීම, යන්ත්‍ර ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් බිඳවැටීම් වලට ලක්වීම, ඉහළ නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවීම, ඉහළ ශ්‍රම භාවිතය වැනි අභියෝග වලට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට මුහුණ දීමට සිදුව ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව, නවීන තාක්ෂණික මුද්‍රණ යන්ත්‍ර හා ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම හා එම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම තුළින් මුද්‍රණ කටයුතු වල ධාරිතාව ඉහළ නැංවීම, ආරක්ෂිතව මුද්‍රණ කටයුතු සිදු කිරීමේ වාතාවරණයක් ගොඩ නැංවීම, රාජ්‍ය නොවන අංශ සමඟ තරගකාරීව මුද්‍රණ කටයුතු වල නිරත වීම යන අරමුණු සපුරා ගැනීම පිණිස සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙයි.

එකී ව්‍යාපෘතිය 2026-2030 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com