දිව­යින පුරා බන්ධ­නා­ගාර 28ක සිර­ක­රු­වන් 35,216ක්

0

දිව­යින පුරා බන්ධ­නා­ගා­ර­වල සිර­ක­රු­වන් 35,000කට වැඩි පිරි­සක් රඳවා සිටින බව අධි­ක­රණ හා ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති හර්ෂණ නානා­ය­ක්කාර මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඉකුත් අඟහරුවාදා (21) ප්‍රකාශ කළේය.

බන්ධ­නා­ගා­ර­වල රඳවා තැබී­මට හැකි සංඛ්‍යා­වට වඩා වැඩි පිරි­සක් බන්ධ­නා­ගාර පද්ධ­තිය තුළ රැඳ­වි­යන් සිටින අතර මෙම තත්ත්වය කළ­ම­නා­ක­ර­ණය කිරීම සඳහා විවිධ ක්‍රම­වේ­ද­යන් අනු­ග­ම­නය කරන බවද හෙතෙම පැවැ­සීය.

එමෙන්ම බන්ධ­නා­ගාර තුළ පව­තින අර්බු­ද­කාරී තත්ත්ව­යට මුහුණ දීම සඳහා විවිධ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කරන බවද අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

ජාතික ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව දිසා­නා­යක මහතා යොමු­කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇම­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

එහිදි වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා මෙසේද පැව­සීය.

වැලි­කඩ බන්ධ­නා­ගා­රය ශ්‍රී ලංකාවේ පළමු බන්ධ­නා­ගා­ර­යයි. එය 1844දී ඉදි­ක­රන ලදී. දැනට රට පුරා ක්‍රියා­ත්මක වන බන්ධ­නා­ගාර සංඛ්‍යාව 28ක්.

දැනට එම බන්ධ­නා­ගා­ර­වල පුද්ග­ල­යින් 35,216ක් රඳවා ඇත. බන්ධ­නා­ගා­ර­වල සිර­ක­රු­වන් 10,000ක් දක්වා පම­ණක් රඳවා ගත හැකි වුවද, ඊට වඩා විශාල සිර­ක­රු­වන් සංඛ්‍යා­වක් රැඳ­වුම් මධ්‍ය­ස්ථාන සහ බන්ධ­නා­ගා­ර­වල රඳවා සිටි­නවා. ඒ වගේම බන්ධ­නා­ගාර පද්ධ­තිය තුළ පව­තින ගැටලු කළ­ම­නා­ක­ර­ණය කර­මින්, නව ගොඩ­නැ­ගිලි ඉදි­කි­රී­මට සහ සම­හර අධි­ක­රණ වෙනත් ස්ථාන­ව­ලට ගෙන යාමට පිය­වර ගනි­මින් සිටි­නවා.

විවිධ බන්ධ­නා­ගා­ර­වල සිර­ක­රු­වන් විශාල සංඛ්‍යා­වක් රඳවා තබා ගැනීම නිසා සෞඛ්‍ය ගැටලු ද මතු­වෙ­මින් පව­ති­නවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com