අරාබි මුහුදේ දී ඩොලර් බිලියනයකට ආසන්න මත්ද්‍රව්‍ය පාකිස්තාන නාවික හමුදා භාරයට

0
අරාබි මුහුදේ දී ඩොලර් බිලියනයකට ආසන්න මත්ද්‍රව්‍ය පාකිස්තාන නාවික හමුදා භාරයට

අරාබි මුහුදේ දී ඩොලර් බිලියනයකට ආසන්න මත්ද්‍රව්‍ය පාකිස්තාන නාවික හමුදා භාරයට

අරාබි මුහුදේ ගමන්කළ යාත්‍රා දෙකක තිබී ඩොලර් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට පාකිස්තාන නාවික හමුදාවට හැකිව තිබේ.

සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ සමුද්‍රීය හමුදාවේ (CMF) කොටසක් ලෙස පාකිස්තාන නාවික හමුදාව කටයුතු කරන අතර, ඒ යටතේ සිදුකළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුමේ පළමු වැටලීම ඉකුත් 18වනදා සිදුකර තිබේ.

එහි එක් යාත්‍රාවක ටොන් 2කට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තිබී ඇති අතර, එම තොගයේ වටිනාකම ඩොලර් මිලියන 822කට අධික බවට ඇස්තමේන්තුකර තිබේ.

ඉන් දෙදිනකට පසු අනෙක් යාත්‍රාව අල්ලාගැනීමට පාකිස්තාන නාවික හමුදාවට හැකිව ඇත.

එහි ඩොලර් මිලියන 140කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350ක් මෙන්ම ඩොලර් මිලියනයක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 50ක් තිබී සොයාගෙන තිබේ.

ඒ අනුව පාකිස්තාන නාවික හමුදාව අරාබි මුහුදේ සිදුකළ මෙම මෙහෙයුම් ද්විත්වයෙන් ඩොලර් මිලියන 972කට (ඩො. බිලියනයකට ආසන්න) වඩා වටිනා මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

කෙසේ නමුත් ඒකාබද්ධ සමුද්‍රීය හමුදාව මෙම වැටලීම් සම්බන්ධ නිල නිවේදනය මාධ්‍ය වෙත හෙළිදරව් කර ඇත්තේ ඊයේ (22) දිනයේය.

එමෙන්ම එම යාත්‍රා අයත් කවර රටකට අයත්ද යන්න පිළිබඳ ඔවුන් තොරතුරු හෙළිකර නොමැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com