ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගෙන් සුවිශේෂී කඩයිමක්

0
චමරි අතපත්තුට ජාත්‍යන්තර මට්ටමේ තනතුරක්

චමරි අතපත්තුට ජාත්‍යන්තර මට්ටමේ තනතුරක්

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්දින ලකුණු 4000 සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසට පත් වෙමින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කර තිබෙනවා.

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබා සිටින බවයි වාර්තා වන්නේ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත් වී තිබෙනවා.
ඒ, එක්දින ලකුණු 4000 සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසට පත් වෙමින්.

එමෙන්ම චමරි වාර්තා අතරට එක් වුණේ එම කඩයිම පසු කළ සිව්වන ආසියානු පිතිකාරිනිය බවට පත්වෙමින් බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com