ඒකාබද්ධ සෞඛ්‍ය ආරක්ෂණය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා ADB බැංකුවෙන් මූල්‍ය සහාය

0
විශ්ව සෞඛ්‍ය ආවරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍ය සහාය

විශ්ව සෞඛ්‍ය ආවරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍ය සහාය

වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර භාර අරමුදල (වසංගත අරමුදල) මඟින් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් (ඇ.එ.ජ.ඩො.) මිලියන 6.9ක අගයකින් යුතු විදේශ ප්‍රදානයක් සමඟින්, ප්‍රතිඵල පාදක ණය ක්‍රමය යටතේ ඒකාබද්ධ සෞඛ්‍ය ආරක්ෂණය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා වන විශ්වීය සෞඛ්‍ය ආවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇ.එ.ජ.ඩො. මිලියන 100ක ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය‚ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වුණා.

ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය පොදු ප්‍රාග්ධන සම්පත් යටතේ ලබාගනු ලබන ඇ.එ.ජ.ඩො. මිලියන 100ක අගයකින් යුතු ඉහත ණය මුදල මඟින් විශ්වීය සෞඛ්‍ය ආවරණය සහතික කිරීම පිණිස පළමු යොමු කිරීමේ සත්කාරය ලෙස ද්විතියික සෞඛ්‍ය සේවාවන්හි වැඩිදියුණු කළ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය සඳහා සෞඛ්‍ය සේවා සංවර්ධනය සඳහා වන ජාතික උපාය මාර්ගික රාමුවට සහාය වනවා.

තවද, මෙම වැඩ සටහන (i) පළමු යොමු කිරීමේ සත්කාරක සේවා වැඩිදියුණු කිරීම, (ii) වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර වැඩිදියුණු කිරීම, (iii) සෞඛ්‍ය අංශයේ තාක්ෂණික ධාරිතාවය සහ ඖෂධ සැපයුම්දාම කළමනාකරණය වැඩිදියුණු කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන නිමැවුම් තුනකින් සමන්විතයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉහත වැඩසටහනෙහි ප්‍රධාන විධායක සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වන අතර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු නවයද ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතන ලෙස ක්‍රියා කරනු ලබනවා.

ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර වන ණය සහ ප්‍රදාන ගිවිසුම්වලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්ද‚ ආසියානු සංවර්ධන බැංකුවේ‍ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ‚ ටකාෆුමි කඩෝනො මහතා ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන්ද‚ කොළඹ මහා භාණ්ඩාගාරයේ දී ඊයේ (17) දින අත්සන් තැබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com