“සිරිකොත” අලුත්වැඩියා කිරිමට රජයේ සල්ලි යොදවලා; රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ අත්අඩංගුවට

0
ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ (දැනට ව්‍යාපාරික) දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අධ්‍යක්ෂකවරයා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රම වේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය “සිරිකොත ” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යොදවා ඇත.

එලෙස මුදල් යෙදවීම නිසා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,667,294.87ක (රුපියල් දහසය ලක්ෂ හැටහත් දහස් දෙසිය අනූ හතරයි ශතඅසූ හතයි) පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද සිදු කිරීම යන දුෂණ චෝදනාව මත ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ (දැනට ව්‍යාපාරික) නිලූ දිල්හාර විජේදාස යන අය 2025.10.16වන දින පෙ.ව.11.00ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ ව්‍යපාරික නිලූ දිල්හාර විජේදාස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ(16) නියෝග කලේය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද අධිකරණයෙන් නියම කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed