නාවික හමුදාව සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් 5 දෙනෙක් STF අත්අඩංගුවට

0
නාවික හමුදාව සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් 5ක් STF අත්අඩංගුවට

නාවික හමුදාව සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් 5ක් STF අත්අඩංගුවට

දකුණු වෙරළට ඔබ්බෙන් පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ජාවාරම සඳහා භාවිතා කළ බෝට්ටුවද විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඉකුත් අඟහරුවාදා (14) සොයාගත් එම මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 12ක් එහි තිබූ බවයි සඳහන් වන්නේ.

නාවික හමුදාව විසින් අඟහරුවාදා (14) දකුණු මුහුදේ දී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය දින 31ක මෙහෙයුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව නාවික හමුදාව සමග එක්වයි මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය ධීවර බෝට්ටු දෙකකින් ගෙනැවිත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදි මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර විශාල තොගයක් අඟහරුවාදා (14) සොයාගෙන තිබේ.

එම උරවල තිබියදී පාර්සල් 51ක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 12ක ප්‍රමාණයක් හමු වි තිබේ.

ඒ අනුව මෙම පාර්සල් තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව හා ගුවන් හමුදාව ඒකාබද්ධව පියවර ගෙන තිබු අතරම වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com