අප්‍රිකානු සූකර උණ රෝගය සම්බන්දයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

0
අප්‍රිකානු සූකර උණ රෝගය සම්බන්දයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

අප්‍රිකානු සූකර උණ රෝගය සම්බන්දයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක 1992 අංක 59 දරන සත්ත්ව රෝග පනත යටතේ, අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශයන් ලෙස ද, ඌරන් රෝග අවදානම් සතුන් ලෙස ද, මෙම ගැසට් නිවේදනයෙන් තවදුරටත් ප්‍රකාශයට පත් කර ඇත.

අදාළ ගැසට් පත්‍රය ඔක්තෝබර් මස 3 වන දින සිට ක්‍රියාත්මක වන අතර, ඉවත් කළහොත් මිස හෝ එම පනතේ 5(3) වගන්තිය අනුව වලංගු කාලය දීර්ඝ කළහොත් මිස ක්‍රියාත්මක වන දින සිට මාස 03කට නොවැඩි කාලයක් සඳහා වලංගු වන අතර, රෝග තත්ත්වය අනුව කාලය දීර්ඝ කිරීමේ හැකියාව ඇති බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com