මහින්ද කොටීන්ට මුදල් දුන් රහස බැසිල් හෙළි කළ හැටි කියන ෆොන්සේකා

0
මහින්ද කොටීන්ට මුදල් දුන් රහස බැසිල් හෙළි කළ හැටි කියන ෆොන්සේකා

මහින්ද කොටීන්ට මුදල් දුන් රහස බැසිල් හෙළි කළ හැටි කියන ෆොන්සේකා

2005 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදීන්ට මුදල් ලබා දුන් සිද්ධිය රටම දන්නා බවත්, තමන් යුද හමුදාපතිව සිටි සමයේ එම මුදල් ලබා දීම පිළිබඳව දිනක් බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔහුගේ කටින්ම තමා සමඟ පැවසූ බවත් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

උත්සව සභාවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ, නමුත් එම කාල වකවානුවේ තමන් යුද හමුදාපතිව සිටි බැවින් බැසිල් රාජපක්ශ මහතාට යුද්ධ ප්‍රකාශ කරන්නට නොහැකිව බිම බලාගෙන එම කතාව නිකරුණේ අසාගෙන සිටි බවයි.

මේ අතර යුද්ධය අවසන් වීමට අවසාන කිලෝමීටර් දහයක් පමණ තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සටන් විරාමයක් ලබා දුන්නේ ඇයිදැයි මෙම ජාතියට පැහැදිලි කළ යුතු බව හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එම සටන් විරාමය ලබා දුන්නේ ප්‍රභාකරන් ඇතුළු නායකයන් බේරා ගැනීමට බවට කිසිදු තර්කයක් නොමැති බව ඔහු එහිදී සඳහන් කළා.

ඊට වෙනත් කිසිදු හේතුවක් නැති බවත්, මහින්ද රාජපක්ෂ මහතා විදේශයන් සමඟ සාකච්ඡා කර ඔවුන්ට පිටව යෑමට මාර්ගයක් සකස් කර දීමට සටන් විරාමය ලබා දුන් බවත් සරත් ෆොන්සේකා මහතා පෙන්වාදෙයි.

ජාති ද්‍රෝහී වැඩ කර මහින්ද රාජපක්ෂ මහතාට පුරුද්දක් ඇති බව පෙන්වාදුන් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, වෙනත් රටක නම් මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ වැරදි ක්‍රියාවන්ට බෙල්ලෙන් එල්ලා නොව කකුල් දෙකෙන් එල්ලා මරා දමන බවත්, මෙරට ව්‍යවස්ථාව අනුව පවා ඔහු කළ ද්‍රෝහී ක්‍රියාවට දිය යුතු දඬුවම එල්ලා මැරීම බවයි.

වත්මන් රජයට පිට කොන්දක් තිබේ නම් මේවාට නැවත පරීක්ෂණ පැවැත්විය යුතු බව සරත් ෆොන්සේකා මහතා අවධාරනය කලේය.

යුද්ධයේ අවසානය පෙනි පෙනී සිටියදී මහින්ද රාජපක්ෂ සටන් විරාමයක් දුන්නේ ඇයිද යන්න පිළිබඳව පරීක්ෂණයක් තිබිය හැකි බව ඔහු එහිදී සඳහන් කලා.

එබැවින්, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට වත්මන් රජයට වගකීමක් ඇති බව සරත් ෆොන්සේකා මහතා පෙන්වාදෙනවා.

ජනාධිපති කොමිසමක් වැනි ඉහළම මට්ටමේ කොමිසමක් පත් කර මහින්ද රාජපක්ෂ මහතා ජාතියට ද්‍රෝහී වූයේ ඇයිද යන්න සහ ත්‍රස්තවාදීන්ට අවි ආයුධ ගැනීමටත්, මුදල් උපකාර කර එම අවි ආයුධවලින් පහර දී ජීවිතක්ෂයට පත් වූ රණවිරුවන්ගේ ජීවිතවලට ඔහු වගකිව යුතු බැවින් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ඔහු අවධාරණය කළා.

එමෙන්ම නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවට පැවසූ සරත් ෆොන්සේකා මහතා, තමන්ට ඒ අවස්ථාව උදා වුවහොත් පැකිලෙන්නේ නොමැතිව එය ප්‍රයෝජනයට ගන්නා බවත්, මහින්ද රාජපක්ෂ මේවා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දිය යුතු බවත් ඔහු එහිදී කියා සිටියා.

” යුද්දෙ ඉවරවෙන්න අන්තිම කිලෝමීටර් දහය යන්න තියෙද්දි මහින්ද රාජපක්ෂ සටන් විරාමයක් දුන්නේ ඇයි කියලා මේ ජාතියට විස්තර කරලා කියන්න ඕනේ. සටන් විරාමය දුන්නේ ප්‍රභාකරන් ඇතුලු නායකයෝ ටික බේරගන්න. ඒක අනිවාර්යයෙන්ම කිසි තර්කයක් නෑ වෙන කිසිම හේතුවක් නෑ. විදේශත් එක්ක කතා කරලා, මේගොල්ලන්ට යන්න මාර්ගයක් හදලා දෙන්න, සටන් විරාමයක් දුන්නා. ඒක කරලා මහින්ද රාජපක්ෂට ඒ වගේ ජාති ද්‍රෝහී වැඩ කරලා පුරුද්ද තියෙනවා. 2005 ජනාධිපතිවරණයේදී ඒක ටිරාන් අලස් ඒ ස්ථානයේ හිටපු එක්කෙනෙක්, 2010 ජනාධිපතිවරණ වෙලාවේ මාධ්‍යයට ප්‍රකාශ කළා, ඒවා මේ දවස්වල තියෙනවා facebook එකේ හැමතැනම. ටිරාන් අලස් ඒ මාධ්‍ය හමුව දෙනකොට මාත් එතන හිටියා හිටගෙන අහගෙන.

එතකොට 2005 ජනාධිපතිවරණය දිනන්න ඕන නිසා ත්‍රස්තවාදීන්ට ඩොලර් මිලියන දෙකක් දුන්න නම්,මහින්ද රාජපක්ෂ ජාති ද්‍රෝහියෙක් නෙවෙයිද? එතකොට අපි සටන් කරනවා ත්‍රස්තවාදි එක්ක මෙයා අවි ආයුධ ගන්න ප්‍රභාකරන්ට සල්ලි දෙනව. ලෝකයේ වෙන රටකනම් මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා මිසක් බෙල්ලෙන් එල්ලලා නෙවෙයි. අනිවාර්යෙන්ම ඒ කරපු ද්‍රෝහී ක්‍රියාවට, අපේ ව්‍යවස්ථාව අනුවත් මහින්ද රාජපක්ෂට දෙන්න ඕන දඬුවම තමයි, එල්ලා මැරීම. වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ රජයට පිට කොන්ද තියෙනවා නම් මේවට නැවත පරීක්ෂණ කරන්න ඕන. මහින්ද රාජපක්ෂ ඇයි සටන් විරාමයක් දුන්නේ. යුද්ධය පෙනි පෙනි අවසන් කනුව පෙනි පෙනි ඇයි සටන් විරාමයක් දුන්නේ කියලා. පරීක්ෂණයක් තියන්න පුළුවන්.

2005 මුදල් දුන්න එක, මුළු රටම දන්නවා.මම හමුදාපති කාලයක එක දවසක් බැසිල් රාජපක්ෂ මට කිව්වා,අපි නිකන් කතා කර කර ඉන්න වෙලාවක, ඔය සල්ලි දීම ගැන එයාගේ කටින්ම මාත් එක්ක කිව්වා. ඊට පස්සේ තමයි 2010 ටිරන් අලස් ඔය කතාව එලියෙදි කිව්වේ. මම එ වෙලාවේ යුද්ධ කරන හින්දා, යුද හමුදාපති හින්දා මට බැසිල්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න බැහැ. මම බිම බලාගෙන කරබාගෙන අහගෙන හිටියා. ඔය සල්ලි දීපු කතාව කියනකොට.

එතකොට මේ රජයට වගකීමක් තියෙනවා. මහින්ද රාජපක්ෂට මේ චෝදනාවන් චෝදනා පත්‍ර ගොනු කරන්න. අනිවාර්යයෙන් ජනාධිපති කොමිසමක් වැනි ඉහළම මට්ටමේ කොමිසමක් තියලා මේ කරුණු ගැන පරීක්ෂණ තියන්න ඕන. ඇයි මහින්ද රාජපක්ෂ ජාතියට ද්‍රෝහී වුණේ, ඇයි ත්‍රස්තවාදීන්ට මුදල් උපකාර කරේ, මුදල් උපකාර කරේ අවිආයුද ගන්න, ඒ අවි ආයුධ වලින් පහර දීලා රණවිරුවන් ජීවිතක්ෂයට පත් වුණා. නැති වෙච්ච ජීවිතවලට මහින්ද රාජපක්ෂ වගකියන්න ඕන. එහෙමනම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. අපට කොයි වෙලාවක හරි ඒ අවස්ථාව උදාවුනොත් අපි පැකිලෙන්නෙ නැ. අපි අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා. මහින්ද රාජපක්ෂ ඒවාට උත්තර දෙන්න ඕනෑ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com