ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයකින් තොරව රේගු නිලධාරීන්ට 2,308,694,777ක් දිරි දීමනා ගෙවලා

0
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයකින් තොරව රේගු නිලධාරීන්ට 2,308,694,777ක් දිරි දීමනා ගෙවලා

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයකින් තොරව රේගු නිලධාරීන්ට 2,308,694,777ක් දිරි දීමනා ගෙවලා

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2335 දෙනෙකුට පසුගිය වසරේ (2024) ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයකින් තොරව රුපියල් කෝටි 339කට අධික මුදලක් වැටුප්, අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරි දීමනා වශයෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක දැක්වේ.

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයකින් තොරව රේගු නිලධාරීන්ට වැටුප්, අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරි දීමනා ලෙස රජයේ ඒකාබද්ධ අරමුදලින් ගෙවා ඇති සම්පූර්ණ මුදල රුපියල් දෙසිය තිස් කෝටි අසූ හය ලක්ෂ අනූ හතර දහස් හත්සිය හැත්තෑ හතක් (2,308,694,777) බව එම වාර්තාවෙහි සඳහන් වේ.

ඊට අමතරව, රේගු අතිකාල නැව් බඩු පරීක්ෂා කිරීමේ ගාස්තු සහ තොරතුරු තාක්ෂණ සන්නිවේදන අරමුදල මගින් තවත් රුපියල් එකසිය අට කෝටි හැත්තෑ එක් ලක්ෂ, හැත්තෑ දෙදහස් තුන්සිය හතළිස් හතරක මුදලක්ද (1,087,172,344) ගෙවා තිබෙනවා.

මෙම සේවකයන් දිනකට පැය 24ක් දක්වා අතිකාල දීමනා ලබාගෙන ඇති බවත්, පැමිණීම සහ පිටවීම නිසි ලෙස තහවුරු කිරීමකින් තොරව මෙම සියලු ගෙවීම් සිදුකර ඇති බව විගණන වාර්තා මගින් සඳහන් කළා.

එමෙන්ම සියලුම නිලධාරීන් අනිවාර්යයෙන්ම ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ යුතු බවත්, යම් වැටලීම් අවස්ථාවක් හෝ එවැනි රාජකාරි කටයුත්තක් සඳහා සහභාගී වීමේදී එය සිදු කිරීමට අපහසු නම්, අදාළ බලධාරීන් දැනුවත් කර විධිමත් ලෙස කටයුතු කළ යුතු බව‍ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) රැස්වීමේදී ද රේගුවට නිර්දේශ ලබා දී තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com