තරඟ පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට අධිචෝදනා

0
තරඟ පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට අධිචෝදනා

තරඟ පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට අධිචෝදනා

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරඟ පාවාදීමේ චෝදනා යටතේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකට හම්බන්තොට මහාධිකරණයේදී ඊයේ (25) අධිචෝදනා භාර දී තිබේ. එම චෝදනාව යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා විසින් පසුගිය ජුනි 5 වනදා අධිචෝදනා ගොනුකර තිබුණි.

සචිත්‍ර සේනානායක වෙනුවෙන් පෙනී සිටි අජිත් පතිරණ මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායම විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සචිත්‍ර සේනානායක විදේශ රටක ක්‍රීඩා කරමින් සිටින බවත් විදෙස් රටක රැකියාවක නිරතව සිටින බවත් පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙසත්ය.

පසුව එය සලකා බලමින් නොවැම්බර් 27 තෙක් තාවකාලිකව ඔහුට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කළ බව වාර්තා වේ.

එමෙන්ම අධිකරණය විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සචිත්‍ර සේනානායක මුදා හැරීමටත් නැවත මෙම නඩුව 2025 නොවැම්බර් 27ට කැඳවීමට නියෝග කරන ලදී.

ක්‍රීඩා දූෂණ වැළක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රීඩකයෙකුට තරග පාවා දීමක් යටතේ නඩු ගොනුකළ පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම තරඟ පාවාදීම අපරාධමය වරදක් ලෙසින් දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රීඩකයෙකුට අධිකරණයක නඩු පැවරූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com