ගාසා තීර­යට ආහාර රැගෙන යන ෆ්ලෝටිලා යාත්‍රාවලට ඩ්‍රෝන ප්‍රහා­ර­යක්

0
ගාසා තීර­යට ආහාර රැගෙන යන ෆ්ලෝටිලා යාත්‍රාවලට ඩ්‍රෝන ප්‍රහා­ර­යක්

ගාසා තීර­යට ආහාර රැගෙන යන ෆ්ලෝටිලා යාත්‍රාවලට ඩ්‍රෝන ප්‍රහා­ර­යක්

අව­තැන් වූවන්ට සහ­නා­ධාර තොග­යක් රැගෙන ෆ්ලෝටිලා සංවි­ධා­න­යට අයත් යාත්‍රා 20කින් ගාසා තීරය බලා යාත්‍රා කර­මින් සිටින ලෝක ප්‍රකට ස්වීඩන් ජාතික දේශ­ගු­ණික ක්‍රියා­කා­රි­නිය ග්‍රේටා තුන්බර්ග් ඇතුළු පිරිස ඉලක්ක කර­මින් අඟහරුවාදා (23) රාත්‍රී අඛ­ණ්ඩව ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ග්‍රීසි­යට අයත් ජාත්‍ය­න්තර මුහු­දේදි එම ඩ්‍රෝන ප්‍රහාර සිදු වී ඇති අතර, එය ඊශ්‍රා­ය­ලය විසින් සිදු කළ බවටද චෝදනා එල්ල වී ඇතැයිද වාර්තා වේ. එම සිදු­වී­මෙන් පසු යාත්‍රා සමූ­හයේ ආර­ක්ෂා­වට සිය නාවික හමු­දාවේ සහාය ලබා­දී­මට ඉතා­ලි­යට සිදුවූ බවද වාර්තා වේ. පල­ස්තීන හිත­වාදී සමාජ ක්‍රියා­කා­රීන් සහ නීති­ඥ­වේ­දීන් ඇතුළු පුද්ග­ල­යන් 350 දෙනකු ගාසා සංචා­ර­යට එක්වී සිටින අතර, ඩ්‍රෝන ප්‍රහා­ර­යෙන් කිසි­ව­කුට හානි­යක් නැති බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ඉතා­ලියේ ආර­ක්ෂක ඇමැති ගුයිඩෝ ක්‍රොසේටෝ ප්‍රකාශ කර ඇත්තේ ෆ්ලෝටිලා යාත්‍ර සමූ­හය ඉලක්ක කර­මින් නාඳු­නන පාර්ශ්ව­ය­කින් එම ඩ්‍රෝන ප්‍රහා­රය එල්ල වී ඇති බවය. එම ප්‍රහා­රය තර­යේම හෙළා දකින බවද ඉතාලි ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com