ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර අවබෝධතා ගිවිසුමට අනුමැතිය

0
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර අවබෝධතා ගිවිසුමට අනුමැතිය

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර අවබෝධතා ගිවිසුමට අනුමැතිය

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිත කරන තුර්කි ජනරජය සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඇති කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සංවර්ධනය සඳහා හිමිවන ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2021-02-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

එහෙත්, අදාළ අවබෝධතා ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත බව සඳහන් වේ.

එබැවින්, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com