සම්පත් මනම්පේරි උසාවියට භාර වෙලා

0

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අද (17) දිනයේ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවිම සඳහා පැමිණ තිබෙනවා.

ඒ මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

පසුගිය 15වනදා සම්පත් මනම්පේරිගේ නිතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙමින් පවසා සිටියේ තම සේවාදායකයා වන සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවිම සදහා සුදානමින් සිටින බවයි.

එසේ භාර වීමෙන් පසුව සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙස නියෝග කළා.

ඒ සම්පත් මනම්පේරිගේ නීතිඥයින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදි.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයා වන පියල් මනම්පේරි නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබු අතර මෙම සිදුවිමට ඔහුගේ පියාද අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙනවා.

සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය පවා තහනම් කිරිමට පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබුණා.
-WN-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com