ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය ජන සංහාරයක් බව එක්සත් ජාතින්ගේ පරීක්ෂණයකින් හෙළිවේ.

0

ඊශ්‍රායලය ගාසා තීරයට එරෙහිව පවත්නා යුද්ධය ජන සංහාරයක් බවත් එය වසර 2කට ආසන්න කාලයක් පැවතීමත් එකතරා සන්ධිස්ථානයක් බවත් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වලින් හෙලි වි තිබේ.

එක්සත් ජාතීන්ගේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කොමිසමේ සභාපති නිවී පිල්ලේ විසින්, අත්පත් කරගත් පලස්තීන භූමිය පිලිබඳ අඟහරුවාදා දින එක්සත් ජාතීන්ගේ අදාල පරීක්ෂණය පිලිබඳව නිවේදනය කලේය.

“ජනාධිපති අයිසැක් හර්සෝග්, අගමැති බෙන්ජමින් නෙත්නයාහු, සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝවී ගැලන්ට් යන අයගේ ප්‍රකාශ හා ඔවුන් ලබා දුන් නියෝග මත පදනම්ව එසේ අප හඳුනාගෙන තිබේ” යැයි පිල්ලේ සම්මුඛ සාච්ඡාවේදී පැවසීය.

අදාල මෙම පුද්ගලයන් තිදෙනා ඊශ්‍රායල රාජ්‍යයේ නියෝජිතයන් බැවින් නීතිය යටතේ එම රාජ්‍ය මෙයට වගකිවයුතු බව අප පවසා සිටින්නේ ජන සංහාරය සිදු කර ඇත්තේ ඊශ්‍රායල රාජ්‍යය බැවින් යැයි ඇය තවදුරටත් පැවසීය.

අදාළ වාර්තාවට අනුව කොමිසම ජන සංහාරයක චේතනාව යන්න සොයාගෙන ඇත්තේ ඊශ්‍රායල නිලධාරින් විසින් කරන ලද ප්‍රකාශ හා අවස්ථානුකූල සාක්ෂින් මත පදනම්ව බව සඳහන්වේ.

“ඊශ්‍රායල බලධාරීන්ට හා ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට ගාසා තිරයේ පලස්තීනුවන් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ ජන සංහාරක අභිප්‍රාය ඇති බව කොමිසම නිගමනය කරයි”යනුවෙන්ද වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වුවද ජිනීවාහි ඊශ්‍රායල තානාපතිවරයා විසින් අදාළ වාර්තාවේ සොයා ගැනීම් හෙළා දකිමින් එය “අපකීර්තිමත්” “ව්‍යාජ” හා “අපහාසාත්මක කෑගැසීමක්” ලෙස හඳුන්වා ඇත
AL JAZEERA

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com