පොලිස්පති කාර්යාලයේ WhatsApp අංකයට පැමිණිලි 7000ක්

0
පොලිස්පති කාර්යාලයේ WhatsApp අංකයට පැමිණිලි 7000ක්

පොලිස්පති කාර්යාලයේ WhatsApp අංකයට පැමිණිලි 7000ක්

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි WhatsApp අංකයට මේ වන විට පැමිණිලි 7000ක් පමණ ලැබී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ එම පැමිණිලිවලින් පොලීසියට අදාළ සියලු පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් 071- 8598888 යන WhatsApp අංකය පසුගියදා හඳුන්වාදීම සිදු කළා.

පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ කෙසේ වෙතත් එම අංකයට ලැබෙන ඇතැම් පැමිණිලි පොලීසියට අදාළ ඒවා නොවන බවයි.

එමනිසා පැමිණිලි යොමු කිරීමේදි පොලීසියට අදාළ පැමිණිලි පමණක් යොමු කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com