වගා හානි වන්දි වශයෙන් මේ වන විට රු.මි 1640ක් ගෙවා අවසන්

වගා හානි වන්දි වශයෙන් මේ වන විට රු.මි 1640ක් ගෙවා අවසන්
නොමිලේ වගා රක්‍ෂණ ක්‍රමවේදය යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, සෝයා යන වගාවන්වලට සිදුවූ හානි සඳහා අක්කර 95128 වගා කළ ගොවි මහතුන් 79602 ක ප්‍රමාණයක් සඳහා රු.මිලියන 1640 කට ආසන්න මුදලක් මේ වන විට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය සඳහන් කරනවා.
මෙහිදී ස්වභාවික ආපදා තත්වයන් වන ගංවතුර, අධික වර්ෂාව, නියඟය මෙන්ම රෝග, පලිබෝධ, වන අලි හානි වැනි තත්වයන් යටතේ හානියට පත් වගාවන් සඳහාද රක්‍ෂණ ආවරණ ලබාදීම සිදුකරන අතර ඒ සඳහා ගොවි ජනතාවගෙන් කිසිදු අයකිරීමක් සිදු නොකර වගා හානි සඳහා වන්දි මුදල රජය දරනු ලබනවා.
වගාවන්ට සිදුවන හානිවලදී ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමත් කර තවදුරටත් කෘෂිකර්මාන්තයේ රදවා ගැනීම සඳහා උනන්දු කිරීම රජයේ ප්‍රධාන අරමුණ බැවින් මෙම වගා හානි රක්‍ෂණ මුදල් කඩිනමින් ඔවුන්ගේ ගිණුම්වලට බැර කර සහන සැලසීමට කටයුතු කර ඇති බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.