රෝහ­ල්ව­ලදී වැඩිම රෝගීන් ප්‍රමා­ණ­යක් මිය­යන්නේ සෙප්සිස් තත්ත්ව­යෙන් – විශේ­ෂඥ වෛද්‍ය විනෝ­දනී වනි­ග­සේ­කර

0
රෝහ­ල්ව­ලදී වැඩිම රෝගීන් ප්‍රමා­ණ­යක් මිය­යන්නේ සෙප්සිස් තත්ත්ව­යෙන් - විශේ­ෂඥ වෛද්‍ය විනෝ­දනී වනි­ග­සේ­කර

රෝහ­ල්ව­ලදී වැඩිම රෝගීන් ප්‍රමා­ණ­යක් මිය­යන්නේ සෙප්සිස් තත්ත්ව­යෙන් - විශේ­ෂඥ වෛද්‍ය විනෝ­දනී වනි­ග­සේ­කර

ගෝලීය දත්ත අනුව රෝහ­ල්ව­ලදී වැඩිම රෝගීන් ප්‍රමා­ණ­යක් මිය­යන්නේ සෙප්සිස් රෝග තත්ත්ව­යෙන් බවත් ශ්‍රී ලංකාවේද තත්ත්වය ඊට සමාන වුවත් ඒ පිළි­බඳ දත්ත නොමැ­ති­වීම විශාල ගැට­ලු­වක් යැයි නිර්වි­න්දන හා දැඩි සත්කාර විශේ­ෂ­ඥ­ව­රුන්ගේ විද්‍යා­ය­ත­නයේ සභා­පති, කොළඹ ජාතික රෝහලේ නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය විනෝ­දනී වනි­ග­සේ­කර පැව­සු­වාය.

ගෝලීය වශ­යෙන් වස­ර­කදී මිලි­යන 47-50ක ප්‍රමා­ණ­යක් සෙප්සිස් තත්ත්ව­යට ගොදුරු වන බවත් එම රෝගී­න්ගෙන් මිලි­යන 11ක් මිය­යන බවත් ඇය පෙන්වා දුන්නාය. සෙප්සිස් තත්ත්ව­ය­කදී රෝගීන්ට රෝහ­ලේදී හෘද­යා­බාධ මෙන් හදිසි තත්ත්ව­යක් ලෙස සලකා ප්‍රති­කාර කරන බවද ඇය පැව­සු­වාය. විෂ­බීජ, දිලීර, බැක්ටී­රියා සහ ක්ෂ්‍රද්‍ර­ජීවී ආසා­ද­න­යක් හේතු­වෙන් ශරී­රයේ ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය අඩු­ක­මින් ඒවා ශරී­රය පුරා වර්ධ­නය වීම සෙප්සිස් තත්ත්වය ලෙස හඳු­න්වන බවත් ජන­තා­වට මෙන්ම සෞඛ්‍ය අංශ­යටද මේ රෝග තත්ත්වය පිළි­බඳ දැනු­ම්ව­ත්භා­වය ඉතාම අල්ප බවත් ඇය සඳ­හන් කළාය. ලෝක සෙප්සිස් දිනය සැප්තැ­ම්බර් 13දාට යෙදීම නිමි­ත්තෙන් සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ(10) පැවැති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වේදී මේ බව ඇය පැව­සු­වාය.

‌ගෝලීය සෙප්සිස් සන්ධා­නය අනු­ගා­මීව ශ්‍රී ලංකා නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ සංග­මය, දැඩි සත්කාර වෛද්‍ය­ව­රුන්ගේ සංග­මය සහ ක්ෂුද්‍ර­ජීව විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ සංග­මය එක්ව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය යටතේ ශ්‍රී ලංකාවේ සෙප්සිස් සංග­මය 2023දී පිහි­ටු­වීය. මේ සංග­ම­යට ලැබෙන ප්‍රදා­න­යන්ගේ පව­තින අඩු­වෙන් ජන­තාව දැනු­ම්වත් කිරීම ඉතා මන්ද­ගා­මීව සිදු­වන බවද ඇය පෙන්වා දුන්නාය.

දිය­වැ­ඩි­යාව, වකු­ගඩු රෝගය, තුවා­ල­ය­කින්, කටු­වක් ඇනී­මෙන්, ශ්වස­නය සහ මුඛ­යෙන් සිදු­වන විෂ ශරී­ර­ගත වීම­කින් හට­ගන්නා ආසා­ද­න­යක් තව­දු­ර­ටත් වර්ධ­නය වීමෙන් සෙප්සිස් තත්ත්වය ඇති වන බවද ඇය සඳ­හන් කළාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com