ට්‍රම්ප්ගේ තීරුබදු නීති විරෝධී – එරට අධිකරණයක් තීන්දු කරයි

0
ඉරාන යුද්ධය අවසන් වීමට ආසන්නයි – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරාන යුද්ධය අවසන් වීමට ආසන්නයි – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති ගෝලීය තීරුබදු බොහෝමයක් නීති විරෝධී බව එරට අධිකරණයක් තීන්දු කර තිබේ.

ඇමෙරිකා ජනාධිපති ඔහුගේ දෙවන ධුර කාලය තුලදී තීරු බදු සම්බන්ධයෙන් අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය අධිකරණයේදී අභියෝගයට ලක්කර තිබේ.

තීදුබදු පැනවීමේ තීරණයෙන් චීනය, මෙක්සිකෝව හා කැනඩාව වැනි රටවලට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

තීරුබදු පැනවීමේ යෝජනාවට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය පසුගියදා හිමිවුණා. නමුත් එම සම්මත වීම වලංගු නොවන බව ෆෙඩරල් අධිකරණය තීන්දු කළා.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීම සදහා එරට පරිපාලනයට කාලයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව තීන්දුව ක්‍රියාත්මක වීම ඔක්තෝම්බර් 14 වන දින දක්වා අත්හිටුවීමටයි අධිකරණය පියවර ගෙන ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com