ආනයනික අර්තාපල් සහ ළුෑණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද ඉහළට

0
ආනයනික අර්තාපල් සහ ළුෑණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද ඉහළට

ආනයනික අර්තාපල් සහ ළුෑණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද ඉහළට

ආනයනික අර්තාපල් සහ ලොකු ළුෑණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ආනයනික අල, ළුෑණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවිමේ මෙම බදු සංශෝධනය ඊයේ දින (27) සිට ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ නැංවෙනවා.

ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40කින් ඉහළ දමා තිබෙනවා.

මෙම බදු සංශෝධනය ඊයේ (27) දිනයේ සිට මාස 03ක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

මෙරට දේශීය අර්තාපල් සහ ළුෑණු ගොවීන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර සිය අස්වනු සඳහා නිසි මිලක් නොමැති බවට පසුගිය දිනවල ගොවීන්ද චෝදනා කරනු ලැබුවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com