ඊශ්‍රා­යල හමු­දාව ගාසා නග­ර­යට පහර දෙයි

0
ඊශ්‍රා­යල හමු­දාව ගාසා නග­ර­යට පහර දෙයි

ඊශ්‍රා­යල හමු­දාව ගාසා නග­ර­යට පහර දෙයි

ගුවන් යානා සහ යුද ටැංකි විශාල ප්‍රමා­ණ­යක් යොදා ගනි­මින් ගාසා තීරයේ විශා­ල­තම සහ ජනා­කීර්ණ ගාසා නග­රය වෙත ප්‍රහාර ඉහළ දැමී­මට ඊශ්‍රා­ය­ලය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරය අත්පත් කර­ගැ­නීමේ යුද උපා­ය­මා­ර්ගික සැල­සු­මට අනුව සිදු­වන මේ ප්‍රහා­ර­ව­ලින් ගාසා නග­රයේ ලක්ෂ 10කට ආසන්න පල­ස්තී­නු­වන්ගේ පීඩ­නය ඉහළ ගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ගාසා නග­රයේ උතුරු සහ නැඟෙ­න­හිර පළා­ත්ව­ලින් විශාල පිපි­රීම් ඇසෙන බවද වාර්තා වේ.

ඊශ්‍රා­යල හමු­දාව ගාසා නග­ර­යට උතු­රින් පිහිටි ජබේ­ලියා ප්‍රදේ­ශයේ සර­ණා­ගත කඳ­වුරු පිහිටි ගොඩ­නැ­ඟිලි පුපු­රුවා හැර ඇති අතර, අව­සන් පැය 24 ඇතු­ළත සිදුවූ එම ප්‍රහා­ර­ව­ලින් පුද්ග­ල­යන් සිව්දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බවත්, 300කට ආසන්න පිරි­සක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ගාසා තීරයේ හමාස් සංවි­ධාන සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර ඇත්තේ එම ඝාත­න­යන් සමඟ පසුගිය ඉරිඳා (24) වන­විට ඊශ්‍රා­යල හමුදා ප්‍රහා­ර­ව­ලින් ඝාතනයට පත් පල­ස්තී­නු­වන්ගේ සංඛ්‍යාව 62,686 දක්වා ඉහළ ගිය බවය. තුවාල ලැබූ පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව 1,57,951 දක්වා ඉහළ ගොස් ඇතැයිද වාර්තා වේ. යුද මෙහෙ­යුම් සඳහා විශේෂ අව­ස්ථා­ව­ලදී පම­ණක් රාජ­කා­රියේ යොද­වන ඉහළ පුහු­ණුව ලැබූ සෙබ­ළුන් 60,000ක්ද ගාසා ප්‍රහා­ර­ව­ලට සෘජු­වම සම්බන්ධ වී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com