ගුරු සේවයට බඳවා ගැනීමේදී අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්
6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල්යයි
ප්‍රමිතියෙන් තොර අධ්‍යාපන වේදී උපාධි ලබා ගත් පිරිස් මින් ඉදිරියට ගුරු සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබා දෙන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කමිටුවක් මගින් සොයා බැලූ බවයි.
එහි වාර්තාව මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රමිතියෙන් තොර අධ්‍යාපන වේදී උපාධි ලබා ගෙන ගුරු සේවයට එක්වූවන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බවයි.




