පොහොර සහ­නා­ධා­රය සඳහා QR ක්‍රම­වේ­දය

0
පොහොර සහ­නා­ධා­රය සඳහා QR ක්‍රම­වේ­දය

පොහොර සහ­නා­ධා­රය සඳහා QR ක්‍රම­වේ­දය

ගොවීන් සඳහා පොහොර සහ­නා­ධා­රය QR කේතය හෝ ඩිජි­ටල් ක්‍රම­වේ­දය ඔස්සේ ක්‍රියා­ත්මක කිරී­මට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ.

ඒ අනුව පොහොර සහ­නා­ධාර වැඩ­ස­ට­හන සඳහා සුදු­සු­කම් ලබන සියලු ගොවීන් කෘෂි­කර්ම විෂය භාර අමා­ත්‍යාං­ශය යටතේ සිටින ප්‍රාදේ­ශීය නිල­ධා­රීන් මඟින් හඳුනා ගැනී­ම­ටත්, එසේ සුදු­සු­කම් ලබන ගොවි ජන­තාව වෙත පොහොර සහ­නා­ධා­රය ලබා­දීම සඳහා QR ක්‍රම­වේ­දය හෝ සුදුසු ඩිජි­ටල් යන්ත්‍ර­ණ­යක් සැක­සී­ම­ටත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක, කෘෂි­කර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහ­ත්ව­රුන් ඉදි­රි­පත් කළ ඒකා­බද්ධ යෝජ­නා­වට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව ඇත.

රජය මඟින් ගොවීන් වෙත පොහොර සහ­නා­ධාර ලබා­දීමේ දී එම සහ­නා­ධා­රය නිසි වේලා­වට ලැබෙන බව සහ එම මූල්‍යා­ධා­රය ඔවුන් විසින් සිය ගොවි­තැන් කට­යුතු සඳහා වන පොහොර අව­ශ්‍ය­තාව සඳහා සම්පූර්ණ වශ­යෙන් යොදා­ගන්නා බව සහ­තික කර­ගැ­නීමේ අව­ශ්‍ය­තාව මතුව ඇතැයි රජය පව­සයි.

ඒ අනුව ගොවි ජන­තා­වට පොහොර ලබා­දීම වඩාත් විධි­මත්ව සහ කාර්ය­ක්ෂ­මව සිදු­කි­රීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජි­ටල් ක්‍රම­වේ­ද­යක් යොදා­ගැ­නීමේ යෝග්‍ය­තාව හඳු­නා­ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com