ගාසා තීරයේ අර්බු­දය විස­ඳීම සඳහා රාජ්‍ය දෙකක සංක­ල්ප­යට ඉන්දි­යාවේ සහාය

0
ගාසා තීරයේ අර්බු­දය විස­ඳීම සඳහා රාජ්‍ය දෙකක සංක­ල්ප­යට ඉන්දි­යාවේ සහාය

ගාසා තීරයේ අර්බු­දය විස­ඳීම සඳහා රාජ්‍ය දෙකක සංක­ල්ප­යට ඉන්දි­යාවේ සහාය

ගාසා තීරයේ අර්බු­දය විස­ඳීම සඳහා රාජ්‍ය දෙකක සංක­ල්ප­යට ඉන්දි­යාව ස්ථීරව සහාය දක්වන බව එරට විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක රන්දීර් ජයි­ස්වාල් සඳ­හන් කළ බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කළේය.

ගාසා- ඊශ්‍රා­යල ගැටුම් සම්බ­න්ධව ඉන්දි­යාවේ ස්ථාව­රය නැවත අව­ධා­ර­ණය කර­මින් එරට විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශ­ක­ව­රයා සඳ­හන් කර ඇත්තේ කොන්දේසි විර­හි­තව ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරී­මට සහ මානු­ෂීය ආධාර අඛ­ණ්ඩව සැපැ­යී­මට ගාසා තීර­යට සටන් විරා­ම­යක් ඉල්ලා සිටින බවය. ඉන්දීය රජයේ ප්‍රකා­ශය නිකුත් වන විට ඊශ්‍රා­ය­ලයේ මොසාඩ් ප්‍රධානි ඩේවිඩ් බර්නී ගාසා සාම සාකච්ඡා පිළි­බඳ සමා­ලෝ­ච­නය කිරීම සඳහා කටාර් රාජ්‍යයේ සංචා­ර­යක් ආරම්භ කර තිබූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ තත්ත්වය නරක අතට හැරී ඇතැයි ද, මේ වන විට සාගින්නේ මිය­ගිය පල­ස්තී­නු­වන්ගේ සංඛ්‍යාව 239 දක්වා ඉහළ ගොස් ඇතැයිද වාර්තා වන අතර, ඊයේ දිනය (18) වන­විට ඊශ්‍රා­යල ජන­තාව ගාසා යුද්ධය නතර කරන ලෙස රජ­යට බල කර­මින් දැවැන්ත විරෝ­ධ­තා­වක නිර­තවී ඇතැයිද ඉන්දීය මාධ්‍ය සඳ­හන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com