ලන්ඩන්හි පැවති විරෝධතාවයකට සහභාගී වූ 474ක් අත්අඩංගුවට

ලන්ඩන්හි පැවති විරෝධතාවයකට සහභාගී වූ 474ක් අත්අඩංගුවට
පලස්තීනට සහාය දක්වමින් ලන්ඩනයේ පැවති උද්ඝෝෂණයකදී පුද්ගලයින් 474 දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විරෝධතාකරුවන් 466 දෙනෙකු සහාය දැක්වීම සම්බන්ධයෙන්, පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් පස් දෙනෙකු, මහජන සාමය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙකු සහ වරදක් සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
2000 ත්‍රස්තවාදී පනත යටතේ රජය ජූලි මාසයේදී පලස්තීන කණ්ඩායම තහනම් කිරීමෙන් පසු පැවති විශාලතම විරෝධතාව මෙය වූ අතර, එයට සාමාජිකත්වය හෝ සහාය දීම අපරාධ වරදක් බවට පත් කරමින් වසර 14ක් දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
කිසිදු නිලධාරියෙකුට බරපතල තුවාල සිදු නොවූ අතර, පසුගිය වසර 10 තුළ එක් දිනක් තුළ සිදු කරන ලද විශාලතම අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව මෙය බව එරට මාධ්‍ය වාර්තා කරයි.