ගතවූ මාස 5ක කාලයේදී අවුරුදු 18ට අඩු ගැබ් ගැනීම් 32ක් – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

0
ගතවූ මාස 5ක කාලයේදී අවුරුදු 18ට අඩු ගැබ් ගැනීම් 32ක් - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ගතවූ මාස 5ක කාලයේදී අවුරුදු 18ට අඩු ගැබ් ගැනීම් 32ක් - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

පසුගිය වර්ෂවලට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 05ක කාලසීමාව තුළ දී බාලවයස්කාර දැරියන් ගැබ්ගැනීම ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ එම කාලසීමාව තුළ ලිංගික අතවරවලට ලක් වූ වයස අවුරුදු 18ට අඩු දැරියන් තිස්දෙදෙනෙක් ගර්භණී තත්ත්වයට පත්ව ඇති බවයි.

2023 වර්ෂයේදී මෙවන් අතවරයන්ට ලක් වූ පිරිස් අතරින් අඩු වයසින් ගැබ් ගැනීම් 11ක් පමණක් වාර්තා වී තිබූ නමුත්, මේ වන විට ගතවූ මාස පහක කාලයේදී පමණක් සිදුවීම් 32ක් වාර්තා වීම ඉතා දරුණු තත්ත්වයක් බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.

අඩු වයසෙන් ගැබ්ගැනීමට ලක්වී නීති විරෝධී ලෙස ගබ්සාවන්ට ලක්වන ප්‍රමාණයන් මෙම දත්තවලට ඇතුළත් නොවන බවද ඔහු පැවසුවා.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසල්වල පවා සිසුවියන් අඩු වයසින් ගැබ්ගැනීම මේ වන විට සුලබ සිද්ධියක් බවට පත්ව ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පාසල් පද්ධතිය තුළ නිසි පරිදි ලිංගික අධ්‍යාපනය ලබාදිය හැකි වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවීමත්, ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරුවරුන් සහ දරුවන් අතරද දෙමාපියන් සහ දරුවන් අතරද පවතින පරතරයද මෙයට හේතුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජාතික ළමාරක්ෂණ අධිකාරිය මඟින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com