WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවතට

0
WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවතට

WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවතට

මෙම වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර ඇති බව Meta සමාගම ප්‍රකාශ කර තිබේ.

WhatsApp විසින් නව වංචා විරෝධී පියවරයන් හඳුන්වා දීමත් සමඟ Meta සමාගම මෙම තීරණය ගෙන ඇත.

එම පියවරයන් අතර, WhatsApp විසින් සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති පරිශීලකයෙකු සමූහ කතාබහකට (Group Chat) එක්කිරීමේ දී සිදුවිය හැකි වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂයෙන් පරිශීලකයින්ව දැනුවත් කර තිබේ.

අපරාධකරුවන් විසින් WhatsApp ගිණුම් පැහැර ගැනීම හෝ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා ප්‍රවර්ධනය කරන Group Chat වලට පරිශීලකයින් සම්බන්ධ කරගැනීම වැනි බහුලව සිදුවන වංචනික ක්‍රියාකාරකම් මර්දනයද මෙහිදී ඉලක්ක කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com