ජාතික විගණන (සංශෝධන)” පනත් කෙටුම්පත පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයාට
කුලී පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට
ජාතික විගණන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමන් වෙත ලැබුණු බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කලා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජාතික විගණන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමා වෙත ලැබී ඇති බවයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ.
කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් සෑහීමට පත්වන බැවින්, පෙත්සම ඉදිරිපත් කරන ලද පෙත්සම්කරුවන් විසින් එම පෙත්සම ඉල්ලා අස්කර ගත් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙන බවයි කථානායකවරයා දැනුම් දුන්නේ.




