කටුනායකදී විදෙස් මත්පැන් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

0
කටුනායකදී විදෙස් මත්පැන් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කටුනායකදී විදෙස් මත්පැන් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පහක් වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන යමින් සිටි ජාවාරම්කරුවන් දෙදෙනෙකු ගමන් ගත් වෑන් රථයක් අද (04) උදෑසන කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර ඒ තුළ තිබී අන්සතු විදේශ ගමන් බලපත්‍ර 35ක්ද සොයා ගැනීමට සමත් වී ඇත.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවා 22 හැවිරිදි දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මාසයකට 15 වතාවක් ගුවන් ගමන් වල නිරත වන විසි වසරක් පුරා මෙසේ ගුවන් ගමන් වල යෙදුණු අයෙකි.

ඔහු සන්තකයෙහි මියගිය කාන්තාවන්ට, භික්ෂුන් වහන්සේලාට, ශිෂ්‍යයන්ට, අයත් ගමන් බලපත්‍ර මෙන්ම කල් ඉකුත් වූ සහ අවලංගු වූ ගමන් බලපත්‍රද තිබුණි. ඒවා අතර මෙම ප්‍රධාන ජාවාරම්කරුට අයත් ගමන් බලපත්‍ර 06ක්ද තිබිණි.

ඔහු මෙම ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මෙම විදෙස් මත්පැන් තොගය ලබා ගෙන ඇති අතර ඉන් කොටසක් වෙනත් වාහනයකින් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්කර ඇත.

මෙසේ කටුනායක පොලීසිය මගින් අත් අඩංගුවට ගත් විදේශීය මත්පැන් බෝතල් 30 අතර වොඩ්කා, ටිකිලා සහ විස්කි බෝතල් ද ඊට අමතරව දේශීය රුපියල් 147,000ක් සහ ඇමෙරිකානු ඩොලර් 1,376 ක්ද තිබිණි

පොලීසිය මගින් අත් අඩංගුවට ගත් අනෙක් ජාවාරම්කරුවා වත්තල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වෑන් රථ රියැදුරුවරයෙක් වන අතර කටුනායක පොලිසියේ නිලධාරීන් මෙම සිදුවීම පිළිබඳ පුළුල් විමර්ශන ක්‍රියාවලියක් මේ වනවිට ආරම්භ කර ඇත.

මෙම ජාවාරම්කරුවන් දෙදෙනා සහ අත් අඩංගුවට ගත් ගමන් බලපත්‍ර තොගය සමග මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරි පත් කිරීමට නියමිතව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com