“ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස් “ නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක්

0
ඇල්ල සංවර්ධනයට රු.මි 1000කට අධික දැවැන්ත ව්‍යාපෘති

ඇල්ල සංවර්ධනයට රු.මි 1000කට අධික දැවැන්ත ව්‍යාපෘති

අගෝස්තු 16 වන දින සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර ක්‍රියාත්මක වන “ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස්” නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් දියත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දර්ශනීය කඳුකරයේ මනස්කාන්ත සංචාරක අත්දැකීම විඳීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉල්ලීම මත මෙම නව දුම්රිය සේවය හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ කඳුකරයට සුවපහසු සහ දර්ශනීය සංචාරක අත්දැකීමක් අපේක්ෂා කරන දේශීය හා ජාත්‍යන්තර සංචාරකයින්ගේ වැඩිවන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් මෙම නව සේවාව හඳුන්වා දෙනු ලැබේ.

ආසන 350 කින් සමන්විත මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 5:30ට කොළඹ කොටුවෙන් පිටත් වී පස්වරුව වන විට බදුල්ලට ළඟා වීමට නියමිතය.

පසු දින ඉරිදා රාත්‍රී 9.00ට නැවත එම දුම්රිය බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතය.

මෙමගින් සති අන්තයේ සංචාරය කරන්නනන්ට මහත් පහසුවක් වනු ඇති බව සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *