ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසා තීරයේ සමාන්‍ය වැසියන් 71 දෙනෙක් ජීවිතක්ෂයට

0
ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසා තීරයේ සමාන්‍ය වැසියන් 71ක් මරුට

ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසා තීරයේ සමාන්‍ය වැසියන් 71ක් මරුට

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සමාන්‍ය වැසියන් 71 දෙනෙකු ඝාතනයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ඝාතනයට පත්වු 71 දෙනා අතරට ආධාර ලබාගැනීම සඳහා පෝලිම්වල රැදී සිටි සාමාන්‍ය වැසියන් 42නෙකුද අයත්.

මේ අතර දෙපාර්ශ්වය අතර යුද ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා මන්දපෝෂණය හේතුවෙන් 127 දෙනෙකු ඝාතනයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අතරට කුඩා දරුවන් 85 දෙනෙකුද අයත්.

මේ අතර ගාසා තිරයේ ප්‍රදේශ කිහිපයක යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවන බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ.

ආධාර බෙදා හැරීම සඳහා කොරිඩෝ නිර්මාණය කිරීමේ අරමුණින් එය සිදුකරන බවයි ඊශ්‍රායලය පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com