නිසි ප්‍රමිතිය නොමැති ඔසුසල් 82ක බලපත්‍ර අත්හිටුයි

0
නිසි ප්‍රමිතිය නොමැති ඔසුසල් 82ක බලපත්‍ර අත්හිටුයි

නිසි ප්‍රමිතිය නොමැති ඔසුසල් 82ක බලපත්‍ර අත්හිටුයි

නිසි ප්‍රමිතිය නොමැතිකම හේතුවෙන් ඔසුසල් 82ක බලපත්‍ර අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

එමෙන්ම ඔසුසල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව ඔහු සඳහන් කල අතර ඉන් ඔසුසල් 137ක බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද්දේ ඖෂධවේදීන් ඒවායේ පූර්ණකාලීනව සේවයේ නොයෙදවීම හේතුවෙන් බවත්, පූර්ණ කාලීන ඖෂධවේදියෙකු ඉදිරිපත් කරන තෙක් බලපත්‍ර යාවකාලීන කිරීම සිදු නොකරන බවත් එම මහතා ප්‍රකාශ කලේය.

ඖෂධවේදීන් නොමැති ඔසුසල් සඳහා බලපත්‍ර ලබාදිය නොහැකි බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා සුදුසුකම් සම්පූර්ණ කළ ඔසුසල් 1,820කට බලපත්‍ර ලබාදී ඇති බවද ප්‍රකාශ කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com