ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

0
ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

මෙරට මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවන ලෙස අදාළ නෞකා සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණ අද (24) නියම කළේය.

එම වන්දි මුදල් වාරික වශයෙන් ගෙවිය හැකි අතර පළමු වාරිකය සැප්තැම්බර් මස 23 වැනිදා ගෙවිය යුතු බවට නියම කෙරිණ.

මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මඟින් එවක විෂය භාර ඇමති නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, එහි සභාපතිනිය, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අදාළ නෞකා සමාගම ඇතුලු වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු නොපැවරීම මගින් නීතිපතිවරයාද මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට තීරණය කෙරිණ.

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, ධීවරයන් ඇතුළු පාර්ශව කීපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව ලබාදෙමින් මෙම තීන්දුව ලබා දෙන ලදි.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ තීන්දුව ලබා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com