2022 රනිල්ගේ හදිසි රෙගුලාසිවලින් මිනිස් අයිතිවාසිකම් කඩ වි ඇත – ශ්‍රේෂ්ඨාධිකරණය

2022 රනිල්ගේ හදිසි රෙගුලාසිවලින් මිනිස් අයිතිවාසිකම් කඩවුණු - ශ්‍රේෂ්ඨාධිකරණය
2022 වසරේ ජුනි මස (17)වනදා අරගලකරුවන් පාලනය කිරීමට එවකට වැඩබලන ජනාධිපතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂන පනත් යටතේ රට පුරා ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඒ අනුව වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂන පනතේ දෙවැනි වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශුන්‍ය බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කළේ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ බහුතර විනිසුරු එකඟත්වය මතයි.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය නොවන බවයි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභවේ හිටපු කොමසාරිස්වරිය වන අම්භිකා සත්ගුණනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම් කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසත් රජයට නියම කෙරුණා.