පාකිස්ථානයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 200 දක්වා ඉහළට

0
පාකිස්ථානයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 200 දක්වා ඉහළට

පාකිස්ථානයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 200 දක්වා ඉහළට

පාකිස්ථානයට මේ දිනවල බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගතවූ පැය 24 තුළද පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි ඇද හැලී ඇති බවයි.

ඒ අනුව එම කාලය තුළ පමණක් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පකිස්ථාන ජාතික ආපදා කළමනාකරණ අධිකාරියට අනුව ගංවතුර ආපදා හේතුවෙන් පසුගිය ජුනි 26වනදා සිට මේ දක්වා මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 216ක්.

තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාවද 580ක් බවයි වාර්තා වන්නේ.

මරණ රැසක් සිදුව ඇත්තේ නිවාසවල වහල කඩා වැටීමෙන් බවද සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com