පොලිස් නිලධාරින් 40% කට බෝ නොවන රෝග – වැඩබලන පොලිස්පති

පොලිස් නිලධාරින් 40% කට බෝ නොවන රෝග – වැඩබලන පොලිස්පති
වර්තමානයේ පොලිස් නිලධාරීන්ගෙන් 40%ක් බෝ නොවන රෝගවලින් පෙළෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කලේය.
“පොලිස් නිලධාරීන්ගේ නිලධරයන් බැලුවොත් 20%ක් 40%ක් බෝ නොවන රෝග වලින් පෙළෙනවා. තව 30%ක ප්‍රමාණයක් තවම පරික්ෂා කිරීම් කරලා නැහැ. ඉතුරු 30 තමයි යම්කිසි ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නේ ඒ මොකද ඒ අයගේ ගෙදර ප්‍රශ්න, රාජකාරී ප්‍රශ්න ඒ ඔක්කොමත් එකක් යම් යම් බෝනොවන රෝග වැළදිලා තියෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය මීට වඩා විදිමත් කරලා, කාර්ය සාදනය වැඩිකරලා පොලිස් නිලධාරීන් කරන රාජකාරීය ඉතාම ඉහළ රාජකාරීයක් විදිහට පෙන්වලා පොලිස් නිලධාරීන්ට වරප්‍රසාද දෙන්න කටයුතු කරමින් පවතිනවා.
පොලිස් නිලධාරීන් ලබන්නේ ඉතාමත් අඩු වැටුපක්. ඒ වැටුප සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවා අවධානයට යොමුකරලා තියෙනවා. ඒ අවධානයට යොමුකරපු එක නිසා ලබන වසරේදී නව වැටුප් ව්‍යුහයක් සකස් කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්න්වා”
සබරගමුව පළාතේ පොලිස් නිලධරයන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) සවස රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
එහිදී සංකේතාත්මකව ළමුන් 34 දෙනෙකු සඳහා පොලිස්පතිතුමා විසින් පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලද අතර දිනයේ පැය 24 පුරා සේවයට බැඳී සිටිමින් දිවයිනේ සාමය සුරැකීමට කැපවන සෑම පොලිස් නිලධාරියෙකුගේම සේවය අගයමින් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද පැහැදිලි කලේය.