2025 වර්ෂයේ නිල ඇඳුම් ප්‍රදානයට අදාළ සහතිකය හුවමාරු කෙරේ

0
2025 වර්ෂය සඳහා නිල ඇඳුම් ප්‍රදානයට අදාළ සහතිකය හුවමාරු කෙරේ

2025 වර්ෂය සඳහා නිල ඇඳුම් ප්‍රදානයට අදාළ සහතිකය හුවමාරු කෙරේ

රජයේ හා රජයේ ආධාර ලබාදෙන සියලු පාසල් වෙත 2025 වර්ෂය සදහා නිල ඇඳුම් ප්‍රදානයට අදාළ සහතිකය හුවමාරු කෙරුණි.

2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,171 වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දී අවසන් බව නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව අද (16) දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහිදී 2025 වර්ෂයේ සඳහා අවශ්‍ය මුළු නිල ඇඳුම් අවශ්‍යතාවය ප්‍රදානය කර අවසන් බව දැනුම් දීමට අදාල සහතික පත්‍ර හුවමාරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අතර සිදු කෙරුණා.

මේ වන විට 2026 වර්ෂය සඳහාද පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රදානයක් ලෙස ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා මහජන චීන සමූහාණ්ඩුවේ ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත යොමු කර තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියේය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com