බංග්ලා­දේ­ශයේ හමුදා බුද්ධි අංශය විසු­රුවා හැරී­මට පිය­වර

0
බංග්ලා­දේ­ශයේ හමුදා බුද්ධි අංශය විසු­රුවා හැරී­මට පිය­වර

බංග්ලා­දේ­ශයේ ඉහ­ළම හමුදා බුද්ධි අංශය වන හමුදා බුද්ධි ඒක­කය විසු­රුවා හැරී­මට එරට අන්ත­ර්වාර රජය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉස්ලාම් හිත­වා­දි­යකු ලෙස ප්‍රකට බංග්ලා­දේශ අන්ත­ර්වාර රජයේ ප්‍රධානි මොහො­මඩ් යූනුස්ගේ තීර­ණ­යක් මත එම පිය­වර ගෙන ඇතැයිද, එරට ඇෆ්ග­නි­ස්තා­නය මෙන් රැඩි­කල් ඉස්ලා­මීය රාජ්‍ය­යක් බවට පත් කිරීම අන්ත­ර්වාර රජයේ අපේ­ක්ෂාව වී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

බංග්ලා­දේශ අන්ත­ර්වාර රජය එවැනි පිය­ව­රක් අනු­ග­ම­නය කිරීම දේශීය හා ජාත්‍ය­න්තර වශ­යෙන් දැඩි අව­ධා­න­යට ලක්වී ඇති බවත්, එය සන්නද්ධ හමුදා දුර්වල කිරීමේ සහ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය මර්ද­නය කිරීමේ ක්‍රියා­මා­ර්ග­යක එක් පිය­ව­රක් බවට විප­ක්ෂය චෝදනා කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

බංග්ලා­දේශ හමුදා බුද්ධි අංශය විසු­රුවා හැරී­මට දින කිහි­ප­ය­කට පෙර පාකි­ස්තාන හමු­දාවේ ඉහළ නිල­ධා­රීන් තිදෙ­නකු එරට සංචා­ර­යක නිර­ත­වීම සම්බ­න්ධ­යෙන්ද විප­ක්ෂයේ අව­ධා­නය යොමුවී ඇති අතර, හමුදා බුද්ධි අංශය විසු­රුවා හැරී­මෙන් ජාත්‍ය­න්තර ත්‍රස්ත­වා­ද­යට බංග්ලා­දේ­ශයේ දොරටු විවර වී ඇතැයි එරට විප­ක්ෂය චෝදනා එල්ල කළ බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com