අමාත්‍යාංශ ලේකම්වරුන් 4කට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

0
තනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

තනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගේ පත්කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වැනිදා එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

ඒ අනුව, බලශක්ති අමාත්‍යාංශයයේ ලේකම් ලෙස මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල මහතාගේ පත්වීම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.එම්.ජී.එස්.එන්. කළුවැව මහතාගේ පත්වීම, කම්කරු අමාත්‍යාංශයයේ ලේකම් ලෙස එස්.එම්. පියතිස්ස මහතාගේ පත්වීම සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මියගේ පත්වීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com