පාසල් දරුවන් ගැන බරපතළ අනාවරණයක්; මහියංගණය ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙකුට ඒඩ්ස්

පාසල් දරුවන් ගැන බරපතළ අනාවරණයක්; මහියංගණය ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙකුට ඒඩ්ස්
මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15ක පාසල් දරුවෙකුට ඒඩ්ස් වැලඳී ඇති බව තහවුරු වී තිබෙනවා.
බදුල්ල ශික්ෂණ රෝහලේ දී පැවැති වැඩසටහනකට එක්වෙමින් බදුල්ල දිස්ත්‍රික් (111) සහකාර පොලිස් අධිකාරි ජී. ඩබ්.බී.එස් පළිපාන මහතා මේ බව අනාවරණය කළේය.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, බොහෝ පාසල් සිසුන් පාසල් හෝ උපකාරක පන්තිවලට සහභාගී නොවී අනවශ්‍ය තැන්වලට යන බවය.
“පාසැල් යනවා කියල නැතිනම් උපකාරක පන්ති යනවා කියල සමහර ළමයි ගිහිල්ලා කැලෑවල ඉන්නේ. එහෙම හිටියම මේ ළමයින් හැදෙන ලෙඩ රෝගත් තියෙනවා. සොරබොර වැවට ළමයි 15ක් විතර උදේට ගිහින් තිබුණා. අපි මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස වෙනම ගාඩ් එකක් දාලා තියෙන්නේ. මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15ක ළමයෙකු ඒඩ්ස්වලට ගොඳුරුවූ බව ළඟදි අනාවරණය වුණා. අවුරුදු 16ට අඩුනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තව කෙනෙක් එක්ක යන්න බැහැ.
මහියංගණය ප්‍රදේශයේ අපි දකිනවා අද දකින ළමයා නොවෙයි හෙට ඉන්නේ. ගැහැණු ළමයි සුදුවෙලා අමුතුයි’ හිතාගන්න බැරි සුදක් තියෙන්නේ. මහියංගණයේ ඉස්සර එහෙම ළමයි හිටියේ නැහැ. රූපලාවන්‍යාගාරවලට ගිහින් ස්වාභාවික ලස්සන නැති කර ගන්නවා. වෛද්‍ය නිර්දේශයක් නැතිව රූපලාවන්‍ය ද්‍රව්‍ය ෆාමසිවලින් හිතුමතේට නිකුත් කරනවා. ඒ නිකුත් කිරීම තුළින් ළමයිගේ හමේ තියෙන පැහැපත්බව නැති කරගන්නවා. ළමයි විතරක් නොවෙයි අම්මලාත් සුදුවෙන්න යනවා. මොන හේතුවක් නිසා එහෙම වෙනස්වෙන්න උත්සාහ කරනවාද දන්නේ නැහැ. ක්‍රීම් වර්ග භාවිතා කරලා සමහර අයගේ මුණවල්වලින් ගන්න දෙයක් නැහැ. විරුපී වෙලා.”