පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන වැටුප් හා දීමනා විස්තර

0
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සිය මන්ත්‍රී වැටුප් විස්තර නිකුත් කර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයා ජනවාරි සිට මැයි දක්වා මාස සඳහා ඔහුගේ වැටුප් පත්‍රිකා සිය ෆේස්බුක් සටහනක් හරහායි බෙදාගෙන ඇත්තේ.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා මන්ත්‍රීවරයෙකුට හිමිවන සියලු වරප්‍රසාද හෙළි කර තිබේ.

මන්ත්‍රීවරයෙකුගේ මාසික දීමනාව රු. 54,285ක්, විනෝදාස්වාද දීමනාව රු. 1000ක්, දුරකථන දීමනාව රු. 50,000ක්, පැමිණීමේ දීමනාව රු. 15,000ක්, කාර්යාල දීමනාව රු. 100,000ක්, ඉන්ධන දීමනාව රු. 101,695ක්, රියදුරු දීමනාව 3,500ක් සහ ප්‍රවාහන දීමනාව රු. 15,000ක් වේ.

ඔහුගේ ශුද්ධ වැටුප රු. 323,445.73ක් වේ. වැටුප් පත්‍රිකාවට අනුව මාසික අඩු කිරීම්වලට ආහාර සැපයීම සඳහා රු. 1600ක් සහ පුද්ගලික ආදායම් බද්ද ලෙස රු. 15,410.15ක් ඇතුළත් වන අතර තවත් රු. 25ක් මුද්දර ගාස්තු ලෙස අඩු කරනු ලැබේ.

තමා ව්‍යාපාරිකයෙක් බැවින් තමාට මන්ත්‍රී වැටුප අවශ්‍ය නැති බවත් ඔහු තම මුළු වැටුපම සමාජ වැඩ සඳහා භාවිතා කරන බැවින් වැටුප් පත්‍රිකාව ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව මන්ත්‍රීවරයා පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com