ජාතික අනතුරු නිවාරණ සතියක්

ජාතික අනතුරු නිවාරණ සතියක්
ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට (07) දිනයේ සිට එළැඹෙන 11 වැනි දිනය දක්වා මෙම ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක වනු ඇත.
එහිදී ජූලි 7 වැනි දින මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 08 වැනි දින සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීම, ජූලි 09 නිවෙස් සහ වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීම, ජූලි 10 දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම, සහ ජූලි 11වැනි දිනය පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමටත්, ඉදිරීයේදී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක‍්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කෙරේ.
මේ අතර මෙරට සෑම වසරකම සමස්ථ ජනහනයෙන් පුද්ගලයින් 07 දෙනෙකුගෙන් එක් අයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ආකාරයේ අනතුරකට පත්විය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එනම් සෑම විනාඩියකටම අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් 6-8 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යවන ආකාරයේ අනතුරක් සිදුවිය හැකි බව පෙන්වා දෙන එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ එදිනෙදා ජීවිතයේදී සිදුවන අනතුරු සැළකූ විට සෑම ශ්‍රී ලාංකිකයෙකුම සෑම වසරකම අවම වශයෙන් එක් අනතුරකට හෝ ලක් විය හැකි බවය.
අනතුරුවලට ගොදුරුවන්නන්ගෙන් බහුරතයක් ඵලදායී වයස් සීමාවල
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ හදිසි අනතුරුවලට ගොදුරුවන්නන්ගෙන් බහුතරයක් ඵලදායී වයස් සීමාවන්ට අයත් වන බවය.
ඒ අනුව වයස අවුරුදු 15-44 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් මෙලෙස වැඩි වශයෙන් අනතුරට පත්වන අතර සිදුවන මරණ සඳහාද ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේද අනතුරු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.
එමෙන්ම හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ රෝහල් වෙත යොමු කරන රෝගීන්ගෙන් වාර්ෂිකව 2500-3000ක් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවත් පෙන්වා දෙන එම අමාත්‍යාංශය පැවසුවේ රෝහල්වල සිදුවන මරණවලට හේතුවන සාධක අතුරින් 10වන තැනට හදිසි අනතුරු හේතුවෙන් සිදුවන මරණ බලපා ඇති බවය.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදුවන වාර්ෂික මරණ 145,000ක පමණ සමස්ත මරණ සංඛ්‍යාව අතුරින් 10,000- 12,000ක් අතර ප්‍රමාණයක් හදිසි අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බවත් එය සෑම මසකම දළ වශයෙන් 1,000ක් වන අතරම සෑම පැයක 3කට අවම වශයෙන් 4 දෙනෙකු වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
එමෙන්ම හදිසි අනතුරු මරණ 7,500 -8,000කට අධික ප්‍රමාණයක් මරණයට පත්වන්නේ රෝහල් වෙත යොමු කිරීමට පෙර බවද එම අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ දැනට රජයේ රෝහල් ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ජාතික අනතුරු ආවේක්ෂණ පද්ධතියට අනුව රජයේ රෝහල්වලට නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වන පිරිසගෙන් බහුතරයක්ම ඇතුළත් වන්නේ වැටීම් ආශ්‍රිත තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට බව පෙන්වා දෙන එම අමාත්‍යාංශය පැවසුවේ රථවාහන අනතුරුවලින් 15%ක් සත්ත්ව සපාකෑම්, විවිධ ද්‍රව්‍යන් සිරුරට වැටීම්, දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන පුද්ගල පහර දීම්, කැපීම් කෙටීම් වැනි හේතු නිසා පිළිවෙළින් 15%, 14%, 11% සහ 8% දක්වා ගණනක් රජයේ රෝහල් වෙත නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බවය.
එමෙන්ම චේතාන්විතව සිදුවන අනතුරුද ප්‍රධාන තැනක් ගන්නා අතර සියදිවි හානි කර ගැනීම් හේතුවෙන් වසරකට ජීවිත 3,000කට අධික ප්‍රමාණයක් අහිමි වන බවත් වැටීම් දියේ ගිලීම්, විවිධ ද්‍රව්‍ය විෂවීම් සත්ත්ව දෂ්ඨ කිරීම්, සතුන් පහරදීම් මෙන්ම සාහසිකකම්, සහ මිනීමැරුම් ආදී අනතුරු නිසාද දහස් ගණනකගේ ජීවිත අහිමි වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.