ළමුන්ව සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් නීති දැඩි කිරීම ක්‍රියාත්මකයි

0
ළමුන්ව සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් නීති දැඩි කිරීම ක්‍රියාත්මකයි

ළමුන්ව සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් නීති දැඩි කිරීම ක්‍රියාත්මකයි

වයස අවුරුදු 16ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම, වෙළෙඳාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු 16 – 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදවීම අද දින (01) සිට සපුරා තහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන දැඩි කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය.

ඇතැම් ළමුන් විවිධ හේතූන් මත කුමන හෝ රැකියාවක් කිරීමට පෙළඹී ඇති අතර තමාගේ මව හෝ පියා සමග එසේ නොමැති නම් මිනිස් වෙළෙඳාමේ ගොදුරක් ලෙස “වීදි දරුවෙකු” බවට පත් වී දෙමාපියන් නොවන අයෙකු සමග පොදු ස්ථාන ආශ්‍රිතව සිඟමනේ යෙදෙන බව සහ නොයෙක් දේ අළෙවි කරන බව හඳුනාගෙන තිබේ.

ඉහත සදහන් කළ ආකාරයේ අනතුරුදායක රැකියාව වල ළමුන් යෙදවීමට එරෙහිව අදාළ බලධාරින් මගින් නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමටත් ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් මගින් මහජනතාව දැනුම්වත් කිරීමටත් මේ අනූව හැකි වනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com